Friday, July 20, 2012

ටේබල් මැනර්ස් මුලින්ම හදුන්වා දුන්නේ බුදුන් වහන්සේයි...



  බුද්ධශාසනය තුල නිවැරදිව හික්මෙන කුලදරුවන් විසින් දාන ශාලාව තුල සිරිය යුතු ආකාරය, දන් වලදන ආකාරය , දන් පිළිගන්නආකාරය ඉතාමත් පැහැදිලිව සික්ෂා පද 30 කින් දේසනා කර ඇත. මෙය ඉතා හොදින් නිරික්ෂණයකරන විට පෙනීයන දෙයක් නම්,  ගිහි සමාජය තුලකතා කරන Table manners සියල්ලම පාහේ මෙහිඅන්තර් ගතවෙලා තියෙනවා. එපණක් නොව බලන කෙනාට උනත් ප්‍රසාදයක් ඇති වෙන ආකාරයට කෑමගැනීමත් , අරපරෙස්සමත්  මනාවට පෙන්වා දීතිබෙනවා. අද බටහිර සමාජය මහා ඉහළින් කතා කරන , ඒ වගේම ආසියතිකයින්ට උගන්වන හෝටල්වල සිරිත් විරිත් ,මුලින්ම හදුන්වා දී ඇත්තේ තථාගත භාග්‍යවතුන්වහන්සේ බවපැහැදිලියි,
          ඒඅතරින් ගිහි සමාජයට අයිතිවන සිඛ පද මෙසේ සදහන් කරනනෙමි.
01.සක්කච්චං  පින්ඩපාතං පටිග්ගහෙස්සාමිති සික්ඛා කරණියා ~
         තමන්ටකෑමටපුළුවන් ප්‍රමාණය දන්නේ තමන්මයි, බොරුවට කනදෙයයි නොකනදෙයයි බෙදන තෙක් බල නොසිට,අවශ්‍ය ප්‍රමාණය පමණක් බෙදාගෙනීම, විසිකිරීමට කෑම නොගෙනීම .( සිහියෙන් යුක්තව ආහරපිලිගැනීම}
02. පත්තසඤ්ඤා   පිණ්ඩපාතං පටිග්ගහෙස්සමිති සික්ඛා කරණියා ~
                කෑමබෙදන විට වටපිට බල බල අනුන්ගේ දිහා බල බල ,අනුන්ගේ පිගන් දිහා බල බල ඉන්නැතිවසිහියෙන් යුක්තව ආහාර පිළිගනිම .
03. සක්කච්චං පින්ඩපාතං භුඤජිස්සමිති සික්ඛා කරණියා ~
              විකාර කර කර කිසිම උවමනාවක් නැතිව , සෙල්ලමට මෙන් ආහාර ගන් නැතිව සැලකිල්ලෙන්ආහාර ගැනීම .

04. පත්තසඤ්ඤ   පිණ්ඩපාතං භුඤජිස්සමිති සික්ඛා කරණියා ~
          වටපිට නොබලා සංවරව  ආහාර ගැනීම .
05.සපදානං පිණ්ඩපාතං භුඤජිස්සමිති සික්ඛා කරණියා ~
         පිගානේ හිතෙන හිතෙන තැනින් ,අපිළිවෙලට ආහාරනොගැනීම.
06. න ථුපතෝ ඕමදදිත්වා පිණ්ඩපාතං භුඤජිස්සමිති සික්ඛාකරණියා ~
              එකකොනකින් පටන් අරගෙන පිලිවෙලකට ආහාර ගැනීම.
07. න සුපන් වා ව්‍යඤ්ජනං වා ඔදනෙන පටිච්චදෙස්සාමි භියෝකම්‍යතන්උපාදායති සික්ඛා කරණිය ~
          සමහරුහොදි ව්‍යංජන වලට පෙරේත කමේ පිගානට බෙදුවාම එක බත් වලින් හරි, පපඩමෙන්,සලාද කොලෙන්වහනවා, බෙදන කෙනා පිගාන දැක්කම ව්‍යංජන අඩුයි කියල දැකල නෙවත  බෙදනවා , [මෙවැනි හොර වැඩ නොකිරීම ]
08. න සුපන් වා ඔදානං  වා අගිලානෝ අත්තනෝ අත්තාය වීඤ්ඤපෙත්වාභුන්ජිස්සමිති සික්ඛා කරණිය ~
            [ස්වාමින්වහන්සේලට ] දාන ශාලාවන් තුලගිහියන්ගෙන් ඉල්ලීම අසෝබන බැවින් දෙන දෙයකින් සතුටු වනන්නට පුරුදු විම. ගිලනුන්ටගෙටලුවක්‌ නැත
09.න උජ්ඣිනසඤ්ඤ පරෙසන  පත්තන් ඔලෝකෙස්සමිති සික්ඛාකරණිය ~
           අනිත්කෙනාට ව්‍යංජන වල යම අඩුවක් ඇතිද සෙවීමට හැර විහිළු කිරීමේ අදහසින් අනුන්ගේ කෑමපිගන් දෙස නොබැලීම.
10.නාතිමහන්තන් කබලන් කරිස්සාමිති සික්ඛා කරණිය  ~
            මුළු අල්ලේම ගාගෙන ලොකුවට බෝල කර කර කෑම අසොබනයි, කුඩාවට බත් පිඩු කොට කෑම හොදයි.

11. න අනාහටේ කබලේ මුඛ්ද්වාරන්  විවරිස්සමිති සික්ඛා කරණිය ~
              සමහරු අනාගත් බත් පිඩු කට ලගට එන්නත් කලින් කට ලොකුවට අරිනවා , ඒවා හරි අප්‍රසන්නයි,එසේ නොකළ යුතුයි,
12. න භූන්ජමානෝ සබ්බං හත්තන් මුඛේ පකඛි පිස්සාමිති සික්ඛා කරණිය ~
             මුළුඅතම කට ඇතුලට දමා නොගැනීම.
13. න සඛබලෙන  මුඛෙන බ්‍යාහරිස්සාමිති සික්ඛා කරණිය,~
               අහාර කටේ පුරවාගෙන කතා  කිරිම ඉතාමත් අසොබනයි
14. න පින්ඩුප්ඛෙපකන්  භුඤජිස්සමිති සික්ඛා කරණිය ~
              කටඇතුලට කෑම විසික්කර මින් ආහාර නොගැනීම. 
15.  න අවගන්ඩකාරකන්  භුඤජිස්සමිතිසික්ඛා කරණිය ~  
               වදුරෝ මොනාහරි කනකොට හක්කේ පුරවාගෙන ඉන්නවාඅපි දැකල තියෙනවා,    අන්න ඒ වගේ කෑම හැකේපුරවාගෙන කෑම නොගෙනීම,
16. න හත්තනිධුනකන් භුඤජිස්සමිති සික්ඛා කරණිය ~  
             පිගානට අතේ ඇලි ඇති කෑම ගස මින්අහර නොගැනීම,
17. න සිත්ථවකාරකන් භුඤජිස්සමිති සික්ඛා කරණිය ~  
              සමහරු කාල ඉවර වෙලා බැලුවාම ඉදන් හිටපු තෙන වටේම කෑම හලලා ,ඔඩොක්කුවෙ, මේසේ පුරාමයි , එක බත් ඇටයක්වත් බිමට නොවැටෙනලෙස ආහාර ගැනීම සංවරයි .
18.  න  ජිව්හානිච්ඡරකන්  භුඤජිස්සමිති සික්ඛා කරණිය ~  
                සමහරුආහාර ගන්නකොට අසිඛිත පිළිකුල් ලෙස දිව එලියට දමනවා,  එසේ නොකිරීම.
19.  න චපු චපුකාරකන්  භුඤජිස්සමිති සික්ඛා කරණිය ~
             තලු ගස ගසා ශබ්ද කරමින් ආහාර නොගැනීම.
20. න සුරුසුරු කාරකන්   භුඤජිස්සමිති සික්ඛා කරණිය  ~
            කිරි , සුප් වගේ බොන ජාති ,නත්නම්පිගනේ ඉතුරු උන හොදි ඉස්ම උර උරමින් සුරුසුරු ශබ්ද නගමින් ගැනීම ඉතාමත් පිළිකුල් සහගතයි.
21. න හත්ථනිලේහකන් භුඤජිස්සමිති සික්ඛා කරණිය  ~
              කැවටපස්සෙත් කනකොටත් අතේ ඉතුරු වෙච්ච ලෙව කකා සිටීම අශෝබනයි.
22. න පත්ථ නිල්ලෙහකන් භුඤජිස්සමිති සික්ඛා කරණිය  ~
                 පිගානේ ඉතුරු වුනු හොදි ඉස්මටිකේ ඉදන්ම අතින් හුරමින් කෑම අසංවරයි.
23. න ඔට්ට නිලේහකන් භුඤජිස්සමිති සික්ඛා කරණිය  ~
              අහරගන්නකොටත් පසුව හෝ තොල ලෙව කෑම අසංවරයි.
24.  න සමිසෙනහත්ථෙන පානියථාලකන් පටිග්ගහෙස්සමිති සික්ඛා කරණිය ~
           සේදීමපිණිස හැර කෑම කන ඇතිනම වතුර වීදුරුව ඇල්ලීම නොකළ යුතු .
25. න සසිත්ථකන පත්තධෝවනං අන්තරගරේ ඡඩ්ඩේස්සාමිති  සික්ඛා කරනියා~
පිගාන සෝදා සුදුසු තෑනට ඉදුල් වතුර දැමීම කලයුතුයි , හැමහැම තැනම ඉදුල් වතුර විසික් නොකළ යුතුයි.
                    බලන්න අප සම්මා සම්බුදුරජාණන්වහන්සේ සංවර බාවය පිළිබද මොනත රම් උපදෙස්‌ දීතිබෙනවද කියල .
මහණෙනි ඔබ අපැහැදුනු කෙනාගේ පැහැදීම පිණිසත්,පැහැදුණුකෙනාගේ සිත තවතවත් පැහැදීම පිණිසත් කාය වාග්  සංවරය ඇති කරගන්න,අනුශාසනා කර ඇත,
ඒවගේම දානය බෙදන උදවියත් බෙදනකොට මන සිහියෙන හලන්නේතිව,නිශ්ශබ්දව, මෙත්තා මනෝ කර්මයෙන්  බෙදිය යතුවේ,
     අප සුදානම්කල දානය වලදන මේ සියලු දෙනාම සුවපත් වේවා , නිරෝගී වේවා, දිර්ගායු වේවායි , මනෝකර්මය ඇති කර ගන්න බොහෝ කුසල් සිදු කර ගනී, බෙදන කොටත් කතා කිරීමෙන් වැළකියයුතුයි,
    දාන ශාලාවතුල සිටින බෙදන වලදන සම දෙනාම සොටු සිරීම්, පිළිකුල් වන ලෙස කෑකෝ ගැසීම්, උගුර කැරිම් නොකලයුතුයි.
                   සියලු දෙනාගේම සංවර කම ඇතිවේවා .
                                        තෙරුවන් සරණයි.

Thursday, July 12, 2012

෴෴෴මව් පදවිය අහිමිවීමෙ හේතුව දහම් ඇසින්෴෴෴

 
ලෝකයෙ කාන්තාවො දරුවන් නිසා විවිධ ආකාරයට දුක් විදිනව,  පිරිසක් දරුවන් නැතිව ඇඩු කදුලෙන් කාලය ගත කරනව,තවත් පිරිසක් කුසට පැමිනි දරුවන් විනාස කරනවා, සමහරුන්ගෙ දරුවන්ට තියෙන්නෙ අඩු ආයුස කාලයක්, පිරිසකගෙ දරුවො මුලු පරම්පරාවටම අපහාස වෙන විදියට ජිවත් වෙනවා, මේ අතර සුලු පිරිසක් තමන්ගෙ කුසේ දසමාසයක් තබාගෙන මෙලොවට දායාද කල දරුවන් නිසා මුලු සමාජයෙන්ම කිර්තියට , ප්‍රශන්සාවට , ගරු බුහුමනට ලක්වෙනවා, ඒ ඇත්තො ජිවිතෙ විශාල සතුටකින් යුක්තව කාලය ගත කරනව,
         මෙසේ සමාජයෙ මවකගෙ හදවතට දුක් ගින්දර ලැබීමත්, සතුට ලැබිමටත් හේතුවක් තියෙන්න ඕන,
   පොල් ගෙඩි ලබා ගන්න නම් පොල් පැලයක් හිටවන්න ඕන, හිටෙව්වත් මදි, ඒකට නිසිකාලයට පොහොර, ජලය ලබල දෙන්න ඕන ,එකෙ අවසාන ප්‍රතිඵලයක් ලෙස හොද පොල් ඵලදාවක් ලබා ගන්න පුලුවන් , හැබැයි කවදාවත් පොල් හිටවල කොස්  ගෙඩි ලබා ගන්න බැ,
           
බලු පැටව් හොරෙන් පන්සලට ගිහින් දාන්න එපා~

  එහෙමනම් අපිට යම් යහපත් හෝ අයහපත් ඵලයන් ලැබෙන්න  හේතු ටික සකස් වෙන්න ඕන.සතෙක්ගෙ හෝ වේවා පැටව් අම්මගෙන් වෙන් කරනවා නම් එක තමන්ටත් දරු වන් හිටියත් දරුවන් සම්ග එකට ජිවත් වීමට නැති විමට හේතුවක්, අද අපිට පේනවා දරුවන් ඉපදුනාට පස්සෙ අම්ම තාත්තලා පිටරට යනව,අම්මලට දරුවන්ගෙ සුරතල් දකින්න වෙන්නෙ අවුරුදු ගණනාවකට පස්සෙ, සමහර වෙලාවට දෙමව්පියන්ගෙ රැකවරනය නැතිව දරුවො විනාස වෙලා,
උදා..  ගෙවල්වල බැල්ලියො පැටව් ගහුවාම හොරෙන්ම පන්සලට ගිහින් දානව,උනහපුලුවත් උගෙ පැටව්න්ට ආදරේලුනෙ, අම්මගෙන් පැටව් වෙන් කරනව, එවත් සසරෙ දුක් විපාක පිණිසම පවතිනවා,  
     
එතකොට ගබ්සා කරගෙන කලල විනාස කිරීම~
       
ලොකෙ කාන්තවො බොහෝ දෙනෙක් දුකෙන් ඉන්නව කුසෙදිම දරුවන් නෙති වෙනව කියල, සමහරු කුස හොදට මේරුවට පස්සෙත් නැති වෙනව, මවගෙ ජිවතත් අනතුරට පත් වෙනවා,පහු ගිය ඩවසක අපිට ඩැන ගන්න ලැබුන එක හොර මධ්‍යස්ථානයක  කුනු කූඩයක එදින පමනක් කල ගබ්සාවන් 15 පමණටිබුන කියල,මිනිසත් බවක් ලබා ගැනිම මොන තරම් අමාරු කාරණයක්ද?පෙර තමන් කරපු එවනි කර්මයක විපාක හැටියට කුසට එන දරුවන් නැති වි යනව,
               
බිම්බිසාර රජතුමාගෙ පුතාටත් දරුවො නැ~

       
බෝඩිරාජ කුමාරය කියන්නෙ බිම්බිසාර රජතුමාගෙ පුතා, මේ පුතාට හිතුන මේ මුලු මහත් දඹදිවම කාටවත් නැති විදිහෙ රජ මාලිගාවක් හදන්න, කුමාරය පෙර කුටි ගෙවල් හදල දුන් පින මතු වීමෙන් ඉතාමත් දක්ෂ වඩු බාසුන්නැහෙ කෙනෙක් හොය ගත්තා , විශාල වැටුපකුත් ගෙවල දිව්‍ය විමානයක් වගෙ මාලිගයක් නිර්මාණය කලා, මේ මාලිගයෙ නම {කෝකනද} ,මේ මාලිගය ඇතට පෙනෙන්නෙ කුරුල්ලෙක් පියාඹන්න ඉන්නව වගෙයි,
                   
බුදු රදුන් මලිගයට වැඩම කරයි~

බොඩිරජ කුමාරයට මොන සම්පත්ති තිබුනත් දරු සම්ප්ත්ති නැ ,තම පියතුමා වන බිම්බිසාර රජතුමා බුදුරජාණන් වහන්සේ ගෙ හොදම ශ්‍රාවකයෙක් නිසා පියතුමාගෙත් මග පෙන්විමෙන් අලුත් මාලිගයට ගෙවැදිමේ මන්ගල්‍ය බුදුන් ප්‍රමුඛ මහා සන්ඝ රත්නය වඩමවා දානයක් පිරිනැමිමට තිරණය උනා, මහ පෙරහැරක් සුදානම් කරවල උසස් ලෙස උත්සවය සුදනම් කලා,
මාලිගයට පිවිසෙන දොරටුවෙ ඉදන් දාන ශාලාව වන තෙක් අලන්කාර පාවාඩයක් එලා , බෝඩිරාජ කුමාරය ප්‍රාර්ථනයක් කලා  `මාහට දාව බිසවුන් කුසින් දරුවකු ලැබේ නම් බුදුරදුන් මෙම පාවඩය මතින් වැඩම කරන සෙක්වා` පරචිත්ත විජානන ඤාණයෙන් යුක්ත බුදු සමිදානෙ පාවඩ අහකට කර වැඩම කලා, දානයෙන් අනතුරුව බුදුරදුන් ගෙන් මේ ගැන විමසිමක් කලා,
කුමාරය ඔබ කල ප්‍රාර්තනය ඉටු නොවෙන නිසයි මා පාවඩය අහකට කලෙ, ඔබතුමන් පෙර ආත්ම භාවයක සිදු කල මහ අකුසල කර්මයක ඵලයක් ලෙස මෙ භවයෙදි දරුවන නොලබන බව පෙර අත්ම භවයෙ සිදු කල කර්මය සිහිපත් කලා,

කුරුලු බිත්තර කඩල කාලා~

මෙම කුමරු පෙර ආත්මයක වෙලෙන්දෙක් , දවසක් පිරිවර සහිතව නැව් නැගි වෙලදාමට පිටත් උනා, අතර මගදි විශාල කුනාටුවකට හසු වෙලා නැව කැඩි මුහුදු බත් උනා, කුමරු  ලැලි කැල්ලක ආධාරයෙන් දින කිහිපයක් පීනා ඇවිත් ගොඩබිමකට පැමිණියා, බඩ ගිනන්නට කන්න යමක හෙව්වා, කිසිම දෙයක් හොය ගන්න නොහැකි උනා, ඔහු දැක්කා කුරුලු කුඩුවක් තියෙනව, ගහට නැගල කුරුලු කුඩුවෙ තිබුන බිත්තර අරන් කඩල කැවා,
 කුරුලු බිත්තර කඩල කැ පවින් දරු ඵල නොලැබි යනබව දෙසනා කල බුදුරජණන් වහන්සෙ , තමන් තමන්ව අරකසා කර ගන්නට උවමන නම්, දුකක් පිඩාවක් නැතිව ඉන්න ඕන නම් , කුඩා කාලයෙ හො, තරුණ කාලයෙ හො , මහලු කාලයෙ හො තමන්ගෙ ජිවිතය කුසල් දහමින් පුරව ගත යුතුයි,අතිතය ගැන දුක් වෙ වි කන්ගාටු වනවාට වඩා මේ මොහොතෙ පටන් තමන්ගෙ ආරක්ෂාව සලසා ගත යුතුයි, එ සදහා ඔබට මේ මොහොතෙ පටන් කුසල් කරන්නට සිත් පහල වේවා.
       ධම්මපදය~ අත්ත වග්ගය
                      තෙරුවන් සරණයි  

Tuesday, June 26, 2012

මෙන්න නියම සීලවන්තයා.





මෙන්න නියම සීලවන්තයා  >
    සිල්වතුන් ඉන්නෙ පොය දවසට විතරද?
   අපිට සිල්වතුන් මුන ගෙසෙන්නෙ එක්කො අවමන්ගල්‍ය උත්සවයකදි, නැත් නම් පොහොය දිනවලටයි , නැත්නම් ඇග රැලි වැටුනු වයසට ගිය මිනිසුන් දැක්ක විට පමනද? ටිකක් හිතන්න..........
     අපේ සිල්වන්තකම නැති වෙන්නෙ කොහොමද? ඔබටත් අවබෝධයෙන් මෙම කරුනු 34 නැති කර හැකි නම් කවුරු කිව්වත් නැතත් ඔබ සිල්වතෙකි, 
    ,ඔබටත් සිල්වතකු විමට සිත් පහල වේවා...........

    01.   ක්‍රෝධය >
    තමන්ට කායිකව හෝ වාචිකව හෝ යමෙක් කල සුලු වරදට එල්ලි එල්ලී පලි ගැනීම.
    02.   සියල්ලන් හා සමාන කර සිතිම  >
    සිල්වතුන්, ගුනවතුන් , නැණවතුන් , ධනවතුන්,  හා තමන් සමාන යයි සිතීම.
    03.   යහපතට නොනැමීම  >
    ධර්මයට, යුතුකමට නොනැමී හිතුවක්කාර ලෙස විසීම
    04.   මායාව  >
   තමන් තුල ඇති බොහෝ වැරදි සගවා නිවරදි කරුවකු ලෙස පෙනී සිටීම.
   05.    කපටිකම  >
   හැමදෙයක්ම දන්නවා යැයි පෙන්වා අසරණ මිනිසුන් මුලාකිරීම.
   06.    මසුරුකම  >
  තමන්ට ප්‍රයොජනයක් නැති දෙවල් පවා අනුන්ට නොදීම.
   07.    මානය  >
   උගත්කම- රැමත්කම- ධනවත්කම -ඉගෙනගත්ත පාසල -ජිවත්වන නගරය -පෙලපත- කුලගොත..... ආදිය නිසා අඇති කරගන්නා අහන්කාරකම
   08.    අතිමානය  >
   එයා කවු ද ? මම කවුද ? තමන් ගැන ඉහලින් සිතීම. 
   09.    සාරම්භ  >
   යමෙක් කල සුලු වරදට සිය දහස් ගුණයකින් අලාභ , හින්සා පීඩා කිරීම.
   10.    අසම්පඤ්ඤා  >
  කරන හැම දෙයක්ම අසිහියෙන් කර වැඩ අවුල් කර ගැනීම.


 11. දුර්වචබව  >
   කිසිවකුගෙ අවවාද වලට ඇහුන්කන් නොදීම.
  12.  මදය   >
  තරුණ කාලයෙ තරුණ බවින් හෝ නිරොගි බවින් ඔලුව උදුම්වා ගැනීම
  13.  ප්‍රමාදය  >
  සිතින් කයින් වදනින් නිතරම අනුන්ට ටත් තමන්ටත් අවැඩ වන විදියට කාලය යැවීම.
  14.  අලසකම  >
  වැඩපොලෙදි හෝ ගෙදරදි හෝ පන්සලෙදි හෝ කිසිම වැඩක් නොකොට කම්මැලිකමෙ කාලය ගත කිරීම.
  15.   මිත්‍ය්දුෂ්ටි ගැනීම  >
  මවෙක් නැත , පියෙක් නැත, මෙලොවක් නැත , පරලොවක් නැත , දෙලොවම නැත , මහන බමුනන් නැත, පින් පව් වල විපාක නැත, ආදි ලෙස වැරදි මත වලින් ජිවත් වීම,
  16.   මුට්ඨස්සති  >
  කලයුත්ත කුමක්ද ? නොකලයුත්ත කුමක්ද? පිලිබද සිහියෙන් තොරව සිටීම.
  17.   පව් කිරීමට ලැජ්ජ නැති බව  >
  18.   දුප්පඤ්ඤු  >
  19.   අරතී >
    භාවනා කිරීම් ආදි උසස් කුසල් කිරීමට නොඇලීම.
  20.   පාපමිත්‍ර සේවනය  >
  21.   ඉන්ද්‍රිය සන්වර සීලය නැති වීම .
  තමන්ට නායකකම් කරන ඇස , කන, නාසය , දිව, සරිරය හා මනස යන ඉන්ද්‍රියො පාලනය කර නොගැනීම
  22.   ශ්‍රද්ධාවෙන් තොර වීම. >
  23.   ලද දෙයින් සතුටු නොවීම.
  24.   මහිච්ඡතා  >
  තමන් තුල ඇති කුඩා වු හෝ සීලාදි ගුණ අනුන් තුල ප්‍රසිද්ධ කරනු කැමැත්ත. 
  25.   සන්සර්ඝව හැසිරීම .>
   රූප , ශබ්ද , ගන්ධ, රස  ආදි දේට ඇති කැමැත්ත.
  26.   ශික්ෂාවට ගරු නොකිරීම >
     .  බුදු රදුන් කෙරෙහි අප්‍රමාන ගරු බව
     .  ධර්මය කෙරෙහි අප්‍රමාන ගරු බව
     .  සන්ඝයා කෙරෙහි අප්‍රමාන ගරු බව
     .  ත්‍රිවිධ ශික්ෂාවන් හි ගරු බව
     .  ධර්මයෙන් ආමිසයෙන් සන්ග්‍රහ කිරීමේ ගරු බව
     .  අප්‍රමාදයෙන් ගරු බව
     .  සමාධියේ ගරු බව
   27.   ස්ත්‍රීන් දකිනු කැමැත්ත.  >
   28 .  ඊර්ෂ්‍යාව  >
   29 .  බද්ද වෙයිරය >
   30.   පාපයට භය නැති කම,>
   31.   අවේලාවෙහි නිදා ගෙනීම >
   32.   ගුනමකු කම
   33.   පමණ නොදැන වැලදිම  >
   34 .  සමථ  විදර්ශනා භාවනා නොකිරීම >
     
       සිල් ඇදුමින් සිල් සුවද විසිරෙන්නෙත් නෑ
       නව ගුණ වැලෙන් සිල් සුවද විහිදෙන්නෙත් නෑ
       සිල් සුවද විහි දෙන්නෙ ඔබෙ පිරිසිදු හදවතින්ම වේ.
      මෙම කරුණු මතකයෙහි තබා ගෙන අවන්ක සිල්වතෙකු වී සසර ගමන නිමා කර ගන්න හැම දෙනාටම ශක්තිය ලැබේවා
    කුසල් සිත් පිරේවා.................

Monday, June 25, 2012

" මත් ද්‍රවය පානයට විශාකාවගේ යෙහෙලියොත් පුරුදුවෙලා"

            " මත් ද්‍රවය පානයට විශාකාවගේ යෙහෙලියොත්    පුරුදුවෙලා"

     පරම්පරාවෙන් උරුම වු විශාල වටිනාකමකින් යුත් අලන්කාර මේළපගනාව මිල කර බුදුරදුන් ප්‍රධාන මහා සන්ඝ රත්නය උදෙසා පුර්වාරමය ඉදි කරවා පුජා කල විශාකා මහෝපාසිකව වයස අවුරුදු 7 සක්කාය දිට්ඨියත්, සිලබ්බත පරමාසයත්, විචිකිච්චාවත් දුරු කොට උතුම් සෝවාන් ඵලයෙ පිහිටිය,
          ඇගෙ අත් දෙක නිතරම දනට පිනට හුරු වුනා, එ නිසාම කුඩාකල සිටම ඇ වටා විශාල මිතුරියො පිරිසක් නිරන්තරයෙන්ම හිටිය,හැබැයි ඒ අය හැමොම විශකාවගෙ ගුණවන්තකමට ම පෙහැදුනු පිරිසක නෙමේ, සමහරු ඇ හොද පරම්පරාවකින් එන කෙනෙක් නිසා අශ්‍රය කලා,
     තවත් සමහරු ඇ නිතර පරිත්‍යාගශිලි නිසා තමන්ට යම් යම් ලාභ ප්‍රයොජන ලබා ගන්න ලගින් හිටය, සමහරු ඇයට තිබෙන සමාජ ගෞරව , කිර්තිය ප්‍රශන්සා නිසා තමනුත් ඇගෙ ලගම මිතුරියක් කිව්වම එක තමන්ට ලාභයක් නිසා ආශ්‍රය කලා,
       එ අතරින් තවත් පිරිසක් ඇ කෙරෙහි අප්‍රමාණ විශ්වාසකින් ඇගෙ තියෙන ගුණ ධර්මවලට පැහැදිමෙන් ආශ්‍රය කලා, සමහරු විශාල සතුටකින් හිටය  අනේ අපිට නම් කවදාවත් මෙ වගෙ පින්කම් කරන්න වෙන් නැ, මැයව ආශ්‍රය කිරිමෙන් අපට මෙවැනි පින්කම් වලට සහභාගි විමට, එ තියා දකින්න හරි වාසනාවක් උදා වුනා නෙ කියල ඇ කෙරෙහි වු අප්‍රමාන ගෞරවයකින් අශ්‍රය කලා,
                      සැවැත් නුවරත් සතියක සුර සැණ කෙලියක් >
       මෙ කාලයෙ සැවැත් නුවර කුලපුත්‍රයින්ගෙ බිරින්දැවරු 500 පමණ ඇයව ලගින් ආශ්‍රය කලා, ඇ යන යන තැන මෙ පිරිස යන්න පුරුදු වුනා,
      ඔන්න මෙ කාලයෙ  සැවැත් නුවර පිරිසක් සුරා කෙලියක්  සන්විධානය කලා, පිරිමි විතරක් නෙමේ කාන්තාවොත් එ සතියෙ හොදටම බොන්න පුරුදු පටන් ගත්තා,

     විශාකාවගෙ යෙහෙලියන් අතරින් පිරිසකට පුදුම කැමැත්තක්  තිබ්බ රා ටිකක් බොන්න, එත් විශකාව නිසා එක කරන්න විදියක් නැ, මෙ සතියෙ එක දවසක් විශාකාව විහාරස්ථානයට යන්න සුදනම් වුනා , ඉතින් යෙහෙලියොත් සුගන්ධ පානයන් , විසිතුරු මල් ආදිය සුදානම් කරල ගමන පිටත් වුනා,

                       ගිලන්පස බෝතල් වෙනුවට රා බොතල් >
   මෙ අතර හිටි බීමට ඇබ්බැහි වුනු යෙහෙලියො කාටවත් දැනෙන්නෙ නැති විදියට විහාරස්ථනයට අරන් යන ගිලන්පස බෝතල තුලට රා වැනි මත් වෙන බිම ජාති, පුරවගෙන අරන් ගියා,සමහරු ඇදන් ඉන්න අදුම් අස්සෙ සගවගෙන අරන් ගියා,
                         විශාකාව ටිකක් එහාට මෙහාට වුනාට පස්සෙ අයිනකට ගිහින් ගෙනාපු රා ටික ටික බොන්න ගත්ත,
                  පස්සෙ ඇවිත් අනිත් යෙහෙලියොත් එක්ක ධර්ම ශාලව අතුලට ඇවිත් ඉද ගත්ත, මෙ අතර කන්තාවො කීප දෙනෙක්ට හොදටම මත් වෙලා තනියෙම බොරුවට විහිලු කර කර හිනා වෙන්න පටන් ගතතා, සමහරු එවට අප්පුඩි ගහන්න පටන් ගත්ත, එ අතර මත් වුනු සමහරෙක්ට මේක විහාරය නේද කියල අමතක වෙලා සින්දු කියන්න පටන් ගත්තා, වෙරිමත වැඩි කමට සමහරුන් ධර්ම ශාලවෙ බිම බුදියගත්ත,
        විශකවත් සමග ආ තෙරුවන් නුවණින් සරණ ගිය පිරිසත් එද පනසලට ආපු පිරිසත් මෙ විකාර දැකල පුදුමයට පත් වුනා,
    විශකාවටත් ලැජ්ජයි
      විශ්ස්කවත් පුදුමයට පත් වුනා විතරක් නෙවේ විශාල අසීරු තාවයකට පත් වුන, මෙ අයගෙ වෙරිමත සන් සිදුනට පසුව තාථගතයාණන් වහන්සෙ එ පිරිස අරමුණු කොට මත් වුනු ලෝක සත්වයා වෙනුවෙන්ම බුදු මුව විවරකලා......
                මතට තිත තියන්න බුදුන් දෙසු දහම් පදයක්>
      කො නු හාසො කිමා නන්දො?
      නිච්චන් පජ්ජලිතෙ සති
      අන්ධකාරෙන ඕනද්ධා
      පදිපන් න ගවෙස්සථ

      1  රාග ගින්න                    2  ද්වෙශ ඝින්න
      3  මොහ ඝින්න                 4  වයාධි ගින්න [ලෙඩවීම]
      5 ජරා ගින්න[වයසට යැම]  6  මරණ ගින්න
     7 සෝක ගින්න                  8 පරිදෙව ගින්න
     9 දුක්ඛ ගින්න                 10 දෝමනස්ස ගින්න
    11 උපයාස ගින්න
                මෙම ගිනි 11 න් නිතරම දැවි දැවි ඉන්න අපිට සිනහ වෙන්න , සතුටු වෙන්න කාලයක් තිබේද?නැණ පහන් දල්වා මෝඩකමින් කරන වැඩ නතර කරන්න කාලයයි,එ පහන් ආලෝකයෙන් ඔබ අදුරින් දුරු වී ආලෝකයට යනු ඇත්තේමය.....
          බුදු මුවින් දෙසු මෙම බන පදය හිතන්නට දැන් හොදම කාලය, ගිහි ජිවිත ගතකරන ඔබට සමාජයට විය යුතු යුතුකම් කොටස අවබොධ කර ගන්න, එය නොපිරිහෙලා තමන්ට ශක්ති ප්‍රමානයෙන් දරුවන්ට, පවුලට, ගුරුවරුන්ට , යහලුවන්ට ,ගමට , රටට, සිදු කරන්න, ණයෙන් තොර ජිවිත ගත කරන්න,
            උදව් කරල කිසිම දවසක එ අය තම්න්ටට් උදව් කරයි යන බලපොරොත්තු අතහරින්න, එහෙම කෙනා හැමදාම ප්‍රිතියෙන් සතුටින් ඉන්නව, ජිවිතෙ නැවත ආපස්සට හැරිල බලා සතුටු විය හැකි දෙම කරන්න , කියන්න ,හිතන්න,
                       ධම්ම පිති සුඛන් සෙති"
            ධර්මානුකූලව ජිවත් වන කෙනා නිතරම අප්‍රමාන මානසික සුවකින් පසු වෙනව, එ පිරිසිදු මනසට ධර්මයෙ පහස ලැබෙන්න ලැබෙන්න ආලෝකය වැඩි වෙනවා.
     ධර්මයෙ නැණ පහන් දල්වා ප්‍රිතිමත් මනසක් සැමට අත්පත් වෙවා

Tuesday, June 12, 2012

පූජනීය කොටිකාවත්තේ ධම්මකුසල ස්වාමීන් වහන්සේ..