Friday, July 20, 2012

ටේබල් මැනර්ස් මුලින්ම හදුන්වා දුන්නේ බුදුන් වහන්සේයි...



  බුද්ධශාසනය තුල නිවැරදිව හික්මෙන කුලදරුවන් විසින් දාන ශාලාව තුල සිරිය යුතු ආකාරය, දන් වලදන ආකාරය , දන් පිළිගන්නආකාරය ඉතාමත් පැහැදිලිව සික්ෂා පද 30 කින් දේසනා කර ඇත. මෙය ඉතා හොදින් නිරික්ෂණයකරන විට පෙනීයන දෙයක් නම්,  ගිහි සමාජය තුලකතා කරන Table manners සියල්ලම පාහේ මෙහිඅන්තර් ගතවෙලා තියෙනවා. එපණක් නොව බලන කෙනාට උනත් ප්‍රසාදයක් ඇති වෙන ආකාරයට කෑමගැනීමත් , අරපරෙස්සමත්  මනාවට පෙන්වා දීතිබෙනවා. අද බටහිර සමාජය මහා ඉහළින් කතා කරන , ඒ වගේම ආසියතිකයින්ට උගන්වන හෝටල්වල සිරිත් විරිත් ,මුලින්ම හදුන්වා දී ඇත්තේ තථාගත භාග්‍යවතුන්වහන්සේ බවපැහැදිලියි,
          ඒඅතරින් ගිහි සමාජයට අයිතිවන සිඛ පද මෙසේ සදහන් කරනනෙමි.
01.සක්කච්චං  පින්ඩපාතං පටිග්ගහෙස්සාමිති සික්ඛා කරණියා ~
         තමන්ටකෑමටපුළුවන් ප්‍රමාණය දන්නේ තමන්මයි, බොරුවට කනදෙයයි නොකනදෙයයි බෙදන තෙක් බල නොසිට,අවශ්‍ය ප්‍රමාණය පමණක් බෙදාගෙනීම, විසිකිරීමට කෑම නොගෙනීම .( සිහියෙන් යුක්තව ආහරපිලිගැනීම}
02. පත්තසඤ්ඤා   පිණ්ඩපාතං පටිග්ගහෙස්සමිති සික්ඛා කරණියා ~
                කෑමබෙදන විට වටපිට බල බල අනුන්ගේ දිහා බල බල ,අනුන්ගේ පිගන් දිහා බල බල ඉන්නැතිවසිහියෙන් යුක්තව ආහාර පිළිගනිම .
03. සක්කච්චං පින්ඩපාතං භුඤජිස්සමිති සික්ඛා කරණියා ~
              විකාර කර කර කිසිම උවමනාවක් නැතිව , සෙල්ලමට මෙන් ආහාර ගන් නැතිව සැලකිල්ලෙන්ආහාර ගැනීම .

04. පත්තසඤ්ඤ   පිණ්ඩපාතං භුඤජිස්සමිති සික්ඛා කරණියා ~
          වටපිට නොබලා සංවරව  ආහාර ගැනීම .
05.සපදානං පිණ්ඩපාතං භුඤජිස්සමිති සික්ඛා කරණියා ~
         පිගානේ හිතෙන හිතෙන තැනින් ,අපිළිවෙලට ආහාරනොගැනීම.
06. න ථුපතෝ ඕමදදිත්වා පිණ්ඩපාතං භුඤජිස්සමිති සික්ඛාකරණියා ~
              එකකොනකින් පටන් අරගෙන පිලිවෙලකට ආහාර ගැනීම.
07. න සුපන් වා ව්‍යඤ්ජනං වා ඔදනෙන පටිච්චදෙස්සාමි භියෝකම්‍යතන්උපාදායති සික්ඛා කරණිය ~
          සමහරුහොදි ව්‍යංජන වලට පෙරේත කමේ පිගානට බෙදුවාම එක බත් වලින් හරි, පපඩමෙන්,සලාද කොලෙන්වහනවා, බෙදන කෙනා පිගාන දැක්කම ව්‍යංජන අඩුයි කියල දැකල නෙවත  බෙදනවා , [මෙවැනි හොර වැඩ නොකිරීම ]
08. න සුපන් වා ඔදානං  වා අගිලානෝ අත්තනෝ අත්තාය වීඤ්ඤපෙත්වාභුන්ජිස්සමිති සික්ඛා කරණිය ~
            [ස්වාමින්වහන්සේලට ] දාන ශාලාවන් තුලගිහියන්ගෙන් ඉල්ලීම අසෝබන බැවින් දෙන දෙයකින් සතුටු වනන්නට පුරුදු විම. ගිලනුන්ටගෙටලුවක්‌ නැත
09.න උජ්ඣිනසඤ්ඤ පරෙසන  පත්තන් ඔලෝකෙස්සමිති සික්ඛාකරණිය ~
           අනිත්කෙනාට ව්‍යංජන වල යම අඩුවක් ඇතිද සෙවීමට හැර විහිළු කිරීමේ අදහසින් අනුන්ගේ කෑමපිගන් දෙස නොබැලීම.
10.නාතිමහන්තන් කබලන් කරිස්සාමිති සික්ඛා කරණිය  ~
            මුළු අල්ලේම ගාගෙන ලොකුවට බෝල කර කර කෑම අසොබනයි, කුඩාවට බත් පිඩු කොට කෑම හොදයි.

11. න අනාහටේ කබලේ මුඛ්ද්වාරන්  විවරිස්සමිති සික්ඛා කරණිය ~
              සමහරු අනාගත් බත් පිඩු කට ලගට එන්නත් කලින් කට ලොකුවට අරිනවා , ඒවා හරි අප්‍රසන්නයි,එසේ නොකළ යුතුයි,
12. න භූන්ජමානෝ සබ්බං හත්තන් මුඛේ පකඛි පිස්සාමිති සික්ඛා කරණිය ~
             මුළුඅතම කට ඇතුලට දමා නොගැනීම.
13. න සඛබලෙන  මුඛෙන බ්‍යාහරිස්සාමිති සික්ඛා කරණිය,~
               අහාර කටේ පුරවාගෙන කතා  කිරිම ඉතාමත් අසොබනයි
14. න පින්ඩුප්ඛෙපකන්  භුඤජිස්සමිති සික්ඛා කරණිය ~
              කටඇතුලට කෑම විසික්කර මින් ආහාර නොගැනීම. 
15.  න අවගන්ඩකාරකන්  භුඤජිස්සමිතිසික්ඛා කරණිය ~  
               වදුරෝ මොනාහරි කනකොට හක්කේ පුරවාගෙන ඉන්නවාඅපි දැකල තියෙනවා,    අන්න ඒ වගේ කෑම හැකේපුරවාගෙන කෑම නොගෙනීම,
16. න හත්තනිධුනකන් භුඤජිස්සමිති සික්ඛා කරණිය ~  
             පිගානට අතේ ඇලි ඇති කෑම ගස මින්අහර නොගැනීම,
17. න සිත්ථවකාරකන් භුඤජිස්සමිති සික්ඛා කරණිය ~  
              සමහරු කාල ඉවර වෙලා බැලුවාම ඉදන් හිටපු තෙන වටේම කෑම හලලා ,ඔඩොක්කුවෙ, මේසේ පුරාමයි , එක බත් ඇටයක්වත් බිමට නොවැටෙනලෙස ආහාර ගැනීම සංවරයි .
18.  න  ජිව්හානිච්ඡරකන්  භුඤජිස්සමිති සික්ඛා කරණිය ~  
                සමහරුආහාර ගන්නකොට අසිඛිත පිළිකුල් ලෙස දිව එලියට දමනවා,  එසේ නොකිරීම.
19.  න චපු චපුකාරකන්  භුඤජිස්සමිති සික්ඛා කරණිය ~
             තලු ගස ගසා ශබ්ද කරමින් ආහාර නොගැනීම.
20. න සුරුසුරු කාරකන්   භුඤජිස්සමිති සික්ඛා කරණිය  ~
            කිරි , සුප් වගේ බොන ජාති ,නත්නම්පිගනේ ඉතුරු උන හොදි ඉස්ම උර උරමින් සුරුසුරු ශබ්ද නගමින් ගැනීම ඉතාමත් පිළිකුල් සහගතයි.
21. න හත්ථනිලේහකන් භුඤජිස්සමිති සික්ඛා කරණිය  ~
              කැවටපස්සෙත් කනකොටත් අතේ ඉතුරු වෙච්ච ලෙව කකා සිටීම අශෝබනයි.
22. න පත්ථ නිල්ලෙහකන් භුඤජිස්සමිති සික්ඛා කරණිය  ~
                 පිගානේ ඉතුරු වුනු හොදි ඉස්මටිකේ ඉදන්ම අතින් හුරමින් කෑම අසංවරයි.
23. න ඔට්ට නිලේහකන් භුඤජිස්සමිති සික්ඛා කරණිය  ~
              අහරගන්නකොටත් පසුව හෝ තොල ලෙව කෑම අසංවරයි.
24.  න සමිසෙනහත්ථෙන පානියථාලකන් පටිග්ගහෙස්සමිති සික්ඛා කරණිය ~
           සේදීමපිණිස හැර කෑම කන ඇතිනම වතුර වීදුරුව ඇල්ලීම නොකළ යුතු .
25. න සසිත්ථකන පත්තධෝවනං අන්තරගරේ ඡඩ්ඩේස්සාමිති  සික්ඛා කරනියා~
පිගාන සෝදා සුදුසු තෑනට ඉදුල් වතුර දැමීම කලයුතුයි , හැමහැම තැනම ඉදුල් වතුර විසික් නොකළ යුතුයි.
                    බලන්න අප සම්මා සම්බුදුරජාණන්වහන්සේ සංවර බාවය පිළිබද මොනත රම් උපදෙස්‌ දීතිබෙනවද කියල .
මහණෙනි ඔබ අපැහැදුනු කෙනාගේ පැහැදීම පිණිසත්,පැහැදුණුකෙනාගේ සිත තවතවත් පැහැදීම පිණිසත් කාය වාග්  සංවරය ඇති කරගන්න,අනුශාසනා කර ඇත,
ඒවගේම දානය බෙදන උදවියත් බෙදනකොට මන සිහියෙන හලන්නේතිව,නිශ්ශබ්දව, මෙත්තා මනෝ කර්මයෙන්  බෙදිය යතුවේ,
     අප සුදානම්කල දානය වලදන මේ සියලු දෙනාම සුවපත් වේවා , නිරෝගී වේවා, දිර්ගායු වේවායි , මනෝකර්මය ඇති කර ගන්න බොහෝ කුසල් සිදු කර ගනී, බෙදන කොටත් කතා කිරීමෙන් වැළකියයුතුයි,
    දාන ශාලාවතුල සිටින බෙදන වලදන සම දෙනාම සොටු සිරීම්, පිළිකුල් වන ලෙස කෑකෝ ගැසීම්, උගුර කැරිම් නොකලයුතුයි.
                   සියලු දෙනාගේම සංවර කම ඇතිවේවා .
                                        තෙරුවන් සරණයි.

2 comments:

  1. ගොඩක් පින් අපේ හාමුදුරුවන්ට...

    ReplyDelete
  2. ඔබ වහන්සේ දැක්කද මේ බ්ලොග් එක . තවත් ස්වාමීන්වහන්සේ කෙනෙක් ලියන එකක්
    http://helavijaya.blogspot.com/

    ReplyDelete